18 December 2024


ජනපති අනුර දිවයිනට



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ (17) දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිය, ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිතයින් පිරිසක් හමුවී සාකච්ඡා කළා.

එමෙන්ම එහිදී දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තබා තිබෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් පසුගිය 15වනදා සිය ඉන්දීය සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.

(colombotimes.lk)