10 May 2025


ජනපති මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකියි



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) පෙරවරුවේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ සමඟ '' සිරි දළදා වන්දනාව '' සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡා කළ බවයි.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරතවී තිබෙනවා.

(colombotimes.lk)