ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් අද (08) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බවයි.
එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායි ආයතනයක් බවට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)