19 April 2025


ජනාධිපති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි



ඇමරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

මෙම රැස්වීම හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය බිමල් රත්නායක සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා.

විරුද්ධ පක්ෂ නායකයන් 12දෙනෙක් මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බවට ඉල්ලීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)