සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) රාත්‍රියේ දිවයිනෙන් පිටත්වීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා ලබන 17වනදා දක්වා නිල සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ චීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනපති මෙම සංචාරය සිදු කරන බවයි.
එහිදී දෙරටේ ජනාධිපතිවරු අතර ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍යවරයා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)