18 September 2025

logo

එට්කා ගිවිසුමේ වත්මන් තත්වය ගැන ජනපති කියයි



යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (19) පැවති කැබිනට් හමුවේදී සිය අදහස් පළ කළා.

ඊට අදාළ 13 වන වටයේ සාකච්ඡාව පසුගියදා නවදිල්ලි නුවරදී පැවැත්වුණා.
 
එයට සහභාගී නොවූ ගැටුම් නිරාකරණය හා අවසන් විධි විධාන පිළිබඳ අනු කමිටුව ඉදිරි දින කිහිපය තුළදී සාකච්ඡාවල නිරත වීමට නියමිත බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.  

එම ගිවිසුමට අදාළ 14 වන වටයේ සාකච්ඡාව ලබන මාර්තු මස පළමු සතියේ පැවැත්වීමට ද නියමිතයි.
(colombotimes.lk)