12 March 2025


ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඇරඹෙයි



ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවාව අද (07) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 361 පුරා උපකාර්යාල ලෙස ක්‍රියාත්මක කරමින් සේවා සැපයීමට සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති අරමුදලේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ සඳහන් කළේ කොළඹට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයේ සේවා සැපයීම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)