07 June 2025


ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇරඹෙයි



මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කර තිබෙනවා. 

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙම පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශාල ඉදිරි පියවරක් වන බවයි.

(colombotimes.lk)