08 June 2025


මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට නව වගකීමක්



පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි තේරී පත්වී තිබෙනවා.

ඒ එම කාරක සභාව පසුගියදා පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

සභාපතිවරයාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් යෝජනා කර තිබෙනවා.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් විසින් එය ස්ථිර කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)