07 June 2025


නුවරඑළිය රාගල ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්



පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක් ඊයේ (06) මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වී තිබෙනවා.

ඒ නුවරඑළිය රාගල ප්‍රධාන මාර්ගයේ රාගල බෘක්සයිඩ් වත්ත ප්‍රදේශයේදීයි. 

එම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක්, රියදුරා සහ කාන්තාවක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
වෑන් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් මිදීම නිසා මෙම අනතුර සිදුවී තිබෙනවා. 
 
පොලීසිය සඳහන් කළේ වෑන් රථය අනතුරට පත් වන අවස්ථාවේ පාසල් ළමුන් 06දෙනෙක් සහ පාසල් සිසුවෙක්ගේ මවක්ද එහි සිට ඇති බවයි. 
 
අනතුරට පත් වෑන් රථයේ සිටි තුවාලකරුවන් සහ සෙසු පාසල් සිසුන් ප්‍රදේශවාසීන් එක්ව ඉවතට ගෙන තිබෙනවා. 
 
පොලීසිය සඳහන් කළේ අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.

(colombotimes.lk)