07 June 2025


දිවයින පුරා ලියාපදිංචි කර ඇති දන්සැල් ගැන දැනුම්දීමක්



පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සැල් 4,125ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ලබන සඳුදා දින පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බවයි. 

මේ දිනවල පැතිර යන බෝවන රෝග තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දන්සැල් සංවිධායකවරුන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ලබාදීමටද පියවර ගෙන ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)