07 June 2025


ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක්



අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙක් වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්. එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත් එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළවෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුවී ඇති බව එම නිවේදනයේ සඳහන්. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,  



(colombotimes.lk)