17 May 2025


77වන අල්-නක්බා සැමරුමට අගමැතිනියත් එක්වෙයි



පලස්තීනය වෙනුවෙන් ඊයේ (15) පැවති 77වන අල්-නක්බා සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වී තිබෙනවා.

කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනයේදී මෙම සැමරුම් උත්සවය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

‘නක්බා අවසන් කිරීම සහ පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග’ යන්න එහි තේමාව වී තිබෙනවා.

 (colombotimes.lk)