19 April 2025


සිර දඬුවම් ලැබූ එස්. එම්. රංජිත් බන්ධනාගර මුද්‍රණ අංශයේ සේවයට



වසර 16ක බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා සිටින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ රංජිත් සිරගත කළ චෝදනාවටම සිර දඬුවම් ලැබූ කාන්තාව වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා අංශයේ රඳවා සිටින බවයි.

ඇය මේ දක්වා කිසිදු වැඩකට යොමු කර නොමැති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)