රාජ්ය ණය කළමනාකරණ පනත හෙට (25) සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙනවා.
එම රාජ්ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පසුගිය ජුනි 7වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
රාජ්ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය සඳහා බලය ලබාදීම ඇතුළු නියමයන් රැසක් ඊට ඇතුළත්.
එමෙන්ම රාජ්ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීමටද පනතින් යෝජිතව තිබෙනවා.
(colombotimes.lk)