31 January 2025


උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා



උඩරට දුම්රිය මාර්ගයේ හැටන් - කොටගල අතර මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ එම මාර්ගයට පස් කණ්ඩියක් සහ ගසක් කඩා වැටීම හේතුවෙන්.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන දුම්රියන් ප්‍රමාද විය හැකි බවයි.

කෙසේ නමුත් මේ වන විට එම මාර්ගයට වැටී ඇති පස් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

(colombotimes.lk)