31 January 2025


උතුරේ ඉඩම් ගැටලුව ගැන සමාලෝචනයක් සිදු කිරීමට සැලසුම්



උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (31) පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බවයි.

එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩමක් ලබා දියයුතු බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

 
(colombotimes.lk)