මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි පැකට් තොගයක් වැල්ලම්පිටිය, සේදවත්ත ප්රදේශයේ පිහිටි පෞද්ගලික ගබඩාවකින් හමු වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එහිදී අනාරක්ෂිත තිරිඟු පිටි පැකට් 30,000ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
1977 දුරකථන අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදී මෙය සොයාගෙන තිබෙනවා.
නිලධාරීන් සඳහන් කළේ මීට අමතරව ආනයනික සම්බා සහල් පැකට් 8,000ක්ද සොයා ගත් බවයි.
එම සහල් ආනයනය සඳහා නිල අනුමැතිය ලබාදීමට පෙර ගෙන එන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)