colombotimes.lk
සිංහල | English

19 May 2024

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා කැබිනට් මණ්ඩලයට



දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බවයි.

ඒ අනුව ඔවුන් විසින් කමිටු යෝජනා සමාලෝචනය කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කරන බවත් ඊට කැබිනට් මණ්ඩලය ලබා දෙන තීන්දුවෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කරන බවත් ඔහු කියා සිටියා.
(colombotimes.lk)