ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉදිරි කාලය තුළ ක්ෂණික වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබෙනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ එළඹෙන පැය 24 තුළ හෝ ඉන් ඔබ්බට ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ගයකට නියැලීමට සූදානම් බවයි.
බඳවා ගැනීමේ ගැටලු, උසස්වීම්, ඇතුළු කරුණු ගණනාක් මුල් කරගනිමින් මෙලෙස වැඩවර්ජනයක නියැලීමට ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.