හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්.
එහි සඳහන් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාන්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බවයි.
එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට කැඳවීමෙන් පසුව අප්‍රේල් 11වනදා ඔහු තමන්ගේ සමාජ මාධ්‍යවල 11වනදා කොමිසමට පැමිණිය නොහැකි බව සඳහන් කර තිබූ බවයි.
(colombotimes.lk)