19 April 2025


රවීගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්



ආන්දෝලනයට තුඩු දුන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින්.

එම පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ගැසට් කිරීමෙන් අනතුරුව දින 7කින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)