පසුගිය ආණ්ඩුව විසින් ජනාධිපතිවරණයට පෙර රතු කැකුලු සහල් කිලෝ ග්‍රෑම් 20 බැගින් ජනතාවට බෙදාහැරීම වර්තමානයේ පවතින රතු කැකුලු සහල් හිඟයට හේතුව බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
ඒ ඊයේ (14) වෙළෙඳ අමාත්‍යාංශයේදී රතු කැකුලු සහල් හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එළඹෙන මහ කන්නයේදී වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
(colombotimes.lk)