09 May 2025


සමනල වැවෙන් ජලය මුදා හැරීම කැබිනට්ටුව අතට



සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට (07) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ,ඒ පිළිබඳ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව සාකච්ඡා කෙරුණු කරුණු ද ඇතුළත්ව අදාළ යෝජනාව යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන්.
(Colombotimes.lk)