09 May 2025


III වන චාල්ස් රජුගේ රාජාභරණ අප්‍රිකාවෙන් ඉල්ලයි



III වන චාල්ස් රජුගේ රාජාභිෂේකය එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට සියල්ල සැලසුම් කර අවසන්.

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු අප්‍රිකානුවන් පවසන්නේ රාජකීය යෂ්ටියේ පිහිටුවා ඇති අප්‍රිකාවේ තාරකාව ලෙස හැඳින්වෙන ලොව විශාලතම දියමන්තිය ආපසු ලබා දෙන ලෙසයි.

මෙම දියමත්තිය 1905 දී දකුණු අප්‍රිකාවේදී සොයා ගන්නා ලද අතර එය කැරට් 530ක බරකින් යුක්ත වනවා.

එවකට දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතීම හේතුවෙන්, මෙය සොයාගෙන වසර දෙකකට පසුව එය බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව වෙත පවරාගෙන තිබුණා.

යටත් විජිත සමයේදී කොල්ලකන ලද කලා කෘති සහ කෞතුක වස්තු ආපසු ලබා ගැනීම සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් සිදුවන සංවාදය අතරතුර දකුණු අප්‍රිකානුවන් දියමන්තිය නැවත ඉල්ලීම විශේෂත්වයක්.
(colombotimes.lk)