09 May 2025


රක්ෂිත ගිනි තැබීම් වාර්තා වීම ඉහළට



රක්ෂිත ආශ්‍රිත ගිනි තැබීම් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. 

ඊයේ රාත්‍රිය වනවිට යහන්ගල, නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව ගිනි ගැනීම් වාර්තා වූ බව එහි අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළා. 
 
ඒ හේතුවෙන් යහන්ගල රක්ෂිතයේ හෙක්ටයාර 500ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 170ක් සහ නුවරඑළියේ හෙක්ටයාර 25ක් විනාශ වී තිබෙනවා. 
 
බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ එල් එම් උදය කුමාර මහතා සඳහන් කළේ, හපුතලේ තංගමලය, මහියංගනය, සොරබොරවැව ,හල්දුම්මුල්ල යන ප්‍රදේශ ආශ්‍රිතව ගිනි ගැනීම් වාර්තා වන බවයි.
(colombotimes.lk)