09 May 2025


හෙද නිලධාරීන් වැඩවර්ජනවලට යොමුවීමේ අවදානමක්



දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනවලට යොමුවීමේ අවදානමක් පවතින බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා. 

ඒ කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බව පවසමින්. 
 
ජනපති විසින් එම ප්‍රකාශය නිකුත් කළ දා පටන් රෝහල්වල හෙද කාර්යමණ්ඩලය මහත් නොසන්සුන්තාවයෙන් පසුවෙන බවයි එහි සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් ක‍රන්නේ.
(colombotimes.lk)