මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (16) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.
2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයට අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීම සිදු වී තිබෙනවා.
දිස්ත්‍රික් මට්ටමින් වෙන් කරන ලද එම ප්‍රතිපාදන නිදහස් කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාව පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානයට යොමු කළා.