09 May 2025


SL Vs AFG | ටෙස්ට් සටනේ තෙවැනි දිනය අදයි



ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (04) පැවැත්වෙනවා.

ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 410ක් ලබා ගත්තා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ, ලකුණු 198ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී ඇෆ්ගනිස්තානයට වඩා ලකුණු 212ක් ඉදිරියෙන් පසු වනවා.
(colombotimes.lk)