colombotimes.lk
සිංහල | English

19 May 2024

පොහොට්ටු ආසන සංවිධායකවරු හා පක්ෂ ක්‍රියාකාරීන් අද කොළඹට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් හා පක්ෂ ක්‍රියාකාරීන් අද (08) කොළඹට කැඳවා තිබෙනවා.

ඒ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීම සඳහායි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ඊයේ (07) පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය ගම් මට්ටමින් මේ මස අග සිට ආරම්භ කරන බවයි.
(colombotimes.lk)