සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 200 වැනි සුහුරු පන්ති කාමරය අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ විද්‍යාලයකට පිරිනැමීම අද (25) සිදු කෙරුණා.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව මේ වන විට මෙම වැඩසටහන යටතේ පාසල් 200කට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි 22කට අධික මුදලක් වැය කර තිබෙනවා.
2021 දෙසැම්බර් 30 වැනිදා සිට ආරම්භ වූ මෙම වැඩසටහන දානපතීන් සහ ව්‍යාපාරිකයින්ගෙන් ලැබෙන අරමුදල් උපයෝගී කර ගෙන ක්‍රියාත්මක වෙනවා.
(colombotimes.lk)