10 April 2025


සනත් ජයසූරිය මෝදිගෙන් කළ ඉල්ලීම



1996 වසරේ එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ඊයේ (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.  

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය නිල Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ උතුරු නැගෙනහිර ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම වෙනුවෙන් යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පිහිටුවීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහයෝගය ගෞරවයෙන් ඉල්ලා සිටි බවයි.

මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය තැබූ සටහන පහතින්,



(colombotimes.lk)