2024 වර්ෂයට අදාළ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (15) දහවල් සාර්ථකව නිම වී තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,849කදී පැවැත්වී වූ අතර ඒ සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙක් සුදුසුකම් ලබා තිබූ බවයි.
ඒ අනුව අද අවසන් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.
(colombotimes.lk)