19 April 2025


පාකිස්ථානයේ පිපිරීමකින් 07කට දිවි අහිමි වෙයි



නිරිතදිග පාකිස්ථානයේ පෝලියෝ එන්නත් වැඩසටහනකට සම්බන්ධ වී සිටි පිරිසක් රැගෙන ඒමට ගිය පොලිස් වෑන් රථයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

පොලිස් රථය මාර්ගයේ ධාවනය වන විට කාන්තා පාසලක් අසල නවතා තිබූ යතුරුපැදියක සවිකර තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රහාරයෙන් 7 දෙනෙක් මියගොස් ඇති අතර 23 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය පුද්ගලයන් අතර පාසල් ළමුන් 5 දෙනෙක් හා පොලිස් නිලධාරීයෙක්ද වන බවයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)