16 April 2025


ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට විශේෂ දුම්රිය කිහිපයක්



අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විශේෂ දුම්රිය වැඩපිළිවෙළ එළඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක කර තිබෙන බවයි.
 
ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමටද විශේෂ දුම්රිය දෙකක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එසේම බදුල්ලේ සිටද විශේෂ දුම්රිය වාර 02ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර එමගින් ජනතාවට නැවත කොළඹ කොටුව බලා පැමිණීමට හැකියාව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)