22 November 2024


Shanshan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්



ජපානයට බලපා තිබෙන ෂැන්ෂාන් සුළි කුණාටුව ලක්ෂ 50කට අධික පිරිසකට බලපෑම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් ඇති අතර 90කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය පැයට කිලෝමීටර 252ක වේගයෙන් හමා යන බවයි.

සුළි කුණාටුවේ බලපෑමෙන් ගත වූ පැය 24 තුළ කියුෂු දූපතට මිලි මීටර 600කට අධික වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.   

(colombotimes.lk)