17 May 2025


කොළඹ ජාතික රෝහල අසල වෙළඳසැල් වටලයි



කොළඹ ජාතික රෝහල අවට වෙළඳසැල් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.

එම අධිකාරිය සඳහන් කළේ එහිදී ඇතැම් වෙළඳසැල් ඉහළ මිල ගණන් යටතේ සහ මිල ප්‍රදර්ශනය නොකර භාණ්ඩ අලෙවි කරන බව සොයා ගත් බවයි.

ඒ අනුව නීති උල්ලංඝනය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)