16 April 2025


මාර්ග නීති කඩ කරන අයට වැඩ වරදින ලකුණු



සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාවත් සමඟ මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ඇතුළු උත්සව ආශ්‍රිතව එම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල, කිරුළපන සහ බම්බලපිටිය යන ප්‍රදේශවල මෙන්ම ආගමික ස්ථාන ආශ්‍රිතව මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරින් හය දහසක් පමණ යොදවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 35000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.

එමෙන්ම මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලීසිය සඳහන් කළා.


(colombotimes.lk)