වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන කමිටුව සඳහා සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අගවිනිසුරුවරයා ඇතුළු අදාළ පාර්ශවවලට ලිඛිතව දැනුම්දී තිබෙනවා.
මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙක්ද ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැති සහ විපක්ෂ නායක යන දෙදෙනාගේ එකඟත්වයෙන් නම් කෙරෙන වෘත්තිකයෙක්ද පත් කළ යුතු බවයි වාර්තා වන්නේ.
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශන කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත වුණා.
(colombotimes.lk)