එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය 9වනදා පැවැත්වුණා.
එහිදී කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන එක්වූ බවයි වාර්තා වන්නේ.
අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වනවා.
(colombotimes.lk)