2025 වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වන වෙසක් දන්සැල් මැයි 09වනදාට පෙර ලියාපදිංචි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කර තිබෙනවා.
එම සංගමය දැනුම් දුන්නේ සියලුම දන්සැල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසයි.
දන්සැල් පැවැත්වෙන කාල සීමාවේදී දන්සැල්, ආහාර අලෙවිසැල්, හෝටල් හා ජංගම ආහාර අලෙවිසැල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් යෙදවීමට තීරණය කර තිබෙනවා.