සිරි දළදා වන්දනාවට පැමිණෙන සැහැදැවතුන් අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව සෞඛ්‍ය අංශ මඟින් දැනුම් දී තිබෙනවා.
මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල කියා සිටියේ මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් අනිවාර්යයෙන්ම පානීය ජල බෝතලයක් ළඟ තබා ගත යුතු බවයි.
සිරුර විජලනයට ලක්වීමට පෙර පෝලිමේ සිටින අතරතුර වරින් වර ජලය පානය කරන ලෙසත් ඔහු දැනුම් දී තිබෙනවා.
වෛද්‍ය සේනක තලගල සඳහන් කළේ අසනීප තත්ත්වයක් සඳහා දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගන්නේ නම් අනිවාර්යෙන්ම එම ඖෂධ සන්තකයේ තබාගත යුතු බවත් පෝලිමේ රැඳී සිටියදී පවා නියමිත වේලාවට එම ඖෂධ පානය කළ යුතු බවයි.
යම් සායනයකට සහභාගී වන්නේ හදිසි අවස්ථාවකදී ඉදිරිපත් කිරීම සඳහා නම් එම වාර්තා සන්තකයේ තබා ගන්නා ලෙසද ඔහු දැනුම්දී තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දළදා වන්දනාව සංවිධාන කරන සංවිධායක මණ්ඩලයේ හා අදාළ අංශවල උපදෙස්වලට පටහැනි නොවන පරිදි මෙම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තමන් සතුව තබා ගැනීම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඉතා වැදගත් බවයි.
(colombotimes.lk)