සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට නානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හෙට (19) සිට අප්‍රේල් 26වනදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුලු විවිධ ඉසව් සංවිධාන කර ඇති බවයි.