19 April 2025


පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්



ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ ප්‍රදර්ශනය සඳහා අද (18) සිට ලබන 27වනදා දක්වා මහනුවරට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ සඳහා සහභාගී වන සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විශේෂ රාජකාරි යෙදී සිටින නිලධාරීන්ට තම සේවා ස්ථානයෙන් බැහැරව දින 10කට අධික කාලයක් දිවා සහ රාත්‍රි කටයුතු සිදු කිරීම හේතුවෙන් එම නිලධාරීන්ට දැරීමට සිදුවන අමතර වියදම් සලකා බලා මෙම විශේෂ දීමනාව ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)