19 April 2025


පාස්පෝට් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්



අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල එක්දින විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දහවල් 12 දක්වා පමණක් සිදු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මහජනතාව සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන එක්දින විදේශ ගමන් බලපත්‍ර සේවාව ඉහත සඳහන් දිනවල ක්‍රියාත්මක නොවන බවයි.

 
(colombotimes.lk)