16 June 2025


මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්



ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයන් 2400කගේ නම් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ ඉන් පසුව පොලීසිය විසින් නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

ඡන්දයෙන් තේරීපත්වූ සභිකයන් 223කගේ නම් ද මෙතෙක් කොමිසමට ලැබී නොමැති බව සභාපතිවරයා ප්‍රකාශ කළා. 

එමෙන්ම පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වූ 7690දෙනෙක් ආදායම් හා වියදම් වාර්තා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)