දේශබන්දු තෙන්නකෝන් සිය ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (16) සිට දිනපතා රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ විමර්ශන අවසන් වන තුරු එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වීමට නියමිත බවයි.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් අදත් පෙරවරු 9.30ට කමිටුව හමුවේ පෙනී සිට තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. පී. සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුව මීට පෙර අවස්ථා කිහිපයකදීම රැස්වූ අතර එහිදී දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිපදෙනෙක්ගෙන්ම සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)