15 June 2025


ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්



ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් අද (14) අලුයම එල්ල කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් පමණ තුවාල ලබා ඇති බවයි.

ඊශ්‍රායලය ඊයේ (13) එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස එරට හමුදා මධ්‍යස්ථාන සහ ගුවන් කඳවුරු ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර 100ක් පමණ එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබෙනවා. 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට එරෙහි 'ඔපරේෂන් රයිසින් ලයන්' පිළිබඳ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ අපට එරෙහි න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල තර්ජනය මැඩපැවැත්වීම තම රට ඉරානයට එල්ල කළ ප්‍රහාරවල අරමුණ බවයි.

මේ අතර ඊශ්‍රායල අගනුවර වන ජෙරුසලමේ ද අනතුරු ඇඟවීමේ සයිරන් නාද කර තිබෙනවා. 

(colombotimes.lk)