16 June 2025


ඊශ්‍රායලයේ තවත් ශ්‍රී ලාංකික තරුණයෙක් තුවාල ලබයි



Bnei Brak ප්‍රදේශයට අද (16) උදෑසන එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් එරට ඉඳිකිරීම් රැකියා සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙක්ගේ පාදයට තුවාල සිදුවී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.

තානාපතිවරයා සඳහන් කළේ එලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි විමුක්ති මධුසංක නම් තරුණයෙක් බවයි.

තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)