ඊශ්‍රායලය හා ඉරානය අතර උද්ගතව ඇති යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඊශ්‍රායලය හා ඉරානය අතර යුධ ගැටුම් ආරම්භ වීමට පෙර ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 68.04ක් ලෙසයි.
නමුත් එය මේ වන විට ඩොලර් 77.08ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඩොලර් 69.24ක් ලෙස පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.37ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආර්ථික විශේෂඥයන් සඳහන් කළේ ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල පසුගිය සතිය පුරා අඛණ්ඩව ඉහළ ගිය අතර මැදපෙරදිග උද්ගතව ඇති වාතාවරණය ඉදිරියටත් පැවතියහොත් ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.
(colombotimes.lk)